රතිය විදු ඇසින්
කොළඹ සරසවියේ ජ්‍යේෂඨ කථිකාචාර්ය, එසේම ශ්‍රී ලංකා ජාතික රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ මහේෂ් රාජසූරිය, ‘රතිය විදු ඇසින්’ නමින් මානව ලිංගිකත්වයට විද්‍යාත්මක පිවිසුමක් අප වෙත මෙසේ ගෙන එයි. තම සායනික දිවියේදී සහ සමස්ත සමාජය සමග ගනු දෙනු කිරීමේදී ඔහු ලබන අත්දැකීම් හමුවේ මෙවැනි වැදගත් නිරවුල් සරල දැනුම් සාරයක් සමාජය වෙත තිළිණ කළ යුතු යැයි වෛද්‍ය මහේෂ් රාජසූරිය ගත් තීරණය බෙහෙවින්ම කාලෝචිතය.
මෙම විෂයට ආවේණිකවූ ගුප්ත අඳුරට මිණි පහනක් වෙමින් අපගේ රති දිවියේ තෘප්තිය වැඩි කරගන්නා සැටි ඉතා ප්‍රායෝගිකව සරළව රූප රාශියක් මගින් මෙතෙක් සිංහළ පොතකින් නොවූ පරිදි ඔහු අපට පහදා දෙයි. රතිය, ලිංගික ගැටළු, කන්‍යාභාවය, වැඩි විය පැමිණීම, රති රෝග හා ප්‍රතිකාර වැනි විවිධ කරුණු රාශියක් ඔහු තම පොත තුලින් විදග්ධ ලෙස ආමන්ත්‍රණය කරන්නේ පළමුව ඊට අදාළ න්‍යායික පසුබිම කාටත් තේරෙන සේ අප මනසේ චිත්‍රණය කිරීමෙන් පසුවයි. ඒ අනුව බැලූ කල මේ පොත අකුරු කියවිය හැකි වැඩිහිටි-තරුණ කාටත් සුදුසු වෙයි.
