Front flap of the book
ඔබ මේ පෙරලන්නේ ඉතිහාසයේ පිටුවක් විය හැක. ලාකිකයා ඉංගිරිසින්ගේ යටත් විජිතකරණයට පෙර දිවි ගෙවූයේ සැහැල්ලු නිදහසකින්ය. එහෙත් ඔවුනට වික්ටෝරියානු ව්‍යාජ සුචරිතවාදයක ලාංකිකයාව සිරකරලීමට උවමනා වීය. අද එම සිරගෙයින් බොහෝ ලාංකික පිරිසක් නිදහස් වෙමින් සිටිති. රතිය, ලිංගිකත්වය යටපත් කිරීම එදා ඉංගිරිසින්ගේ ක්‍රමය විය. රතිය, ලිංගිකත්වය ජීවිතයේ කොටසක් ලෙස සැලකීම ලාංකිකයන්ගේ ක්‍රමය විය. අද නැවත නියම ලාංකිකයෙකු සේ රතිය දෙස විවෘත නෙතකින් බැලීමට කාලයයි මේ. එම කාලයේ ඇරඹුම සනිටුහන් කරමින් ඊලඟ පිටුව පෙරළීමට සූදානම් වන්න.
