About the Book

Contents


Front flap of the book


ඔබ මේ පෙරලන්නේ ඉතිහාසයේ පිටුවක් විය හැක. ලාකිකයා ඉංගිරිසින්ගේ යටත් විජිතකරණයට පෙර දිවි ගෙවූයේ සැහැල්ලු නිදහසකින්ය. එහෙත් ඔවුනට වික්ටෝරියානු ව්‍යාජ සුචරිතවාදයක ලාංකිකයාව සිරකරලීමට උවමනා වීය. අද එම සිරගෙයින් බොහෝ ලාංකික පිරිසක් නිදහස් වෙමින් සිටිති. රතිය, ලිංගිකත්වය යටපත් කිරීම එදා ඉංගිරිසින්ගේ ක්‍රමය විය. රතිය, ලිංගිකත්වය ජීවිතයේ කොටසක් ලෙස සැලකීම ලාංකිකයන්ගේ ක්‍රමය විය. අද නැවත නියම ලාංකිකයෙකු සේ රතිය දෙස විවෘත නෙතකින් බැලීමට කාලයයි මේ. එම කාලයේ ඇරඹුම සනිටුහන් කරමින් ඊලඟ පිටුව පෙරළීමට සූදානම් වන්න.

Back cover note


කොළඹ සරසවියේ ජ්‍යේෂඨ කථිකාචාර්ය, එසේම ශ්‍රී ලංකා ජාතික රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ මහේෂ් රාජසූරිය, ‘රතිය විදු ඇසින්’ නමින් මානව ලිංගිකත්වයට විද්‍යාත්මක පිවිසුමක් අප වෙත මෙසේ ගෙන එයි. තම සායනික දිවියේදී සහ සමස්ත සමාජය සමග ගනු දෙනු කිරීමේදී ඔහු ලබන අත්දැකීම් හමුවේ මෙවැනි වැදගත් නිරවුල් සරල දැනුම් සාරයක් සමාජය වෙත තිළිණ කළ යුතු යැයි වෛද්‍ය මහේෂ් රාජසූරිය ගත් තීරණය බෙහෙවින්ම කාලෝචිතය.

මෙම විෂයට ‍ආවේණිකවූ ගුප්ත අඳුරට මිණි පහනක් වෙමින් අපගේ රති දිවියේ තෘප්තිය වැඩි කරගන්නා සැටි ඉතා ප්‍රායෝගිකව සරළව රූප රාශියක් මගින් මෙතෙක් සිංහළ පොතකින් නොවූ පරිදි ඔහු අපට පහදා දෙයි. රතිය, ලිංගික ගැටළු, කන්‍යාභාවය, වැඩි විය පැමිණීම, රති රෝග හා ප්‍රතිකාර වැනි විවිධ කරුණු රාශියක් ඔහු තම පොත තුලින් විදග්ධ ලෙස ආමන්ත්‍රණය කරන්නේ පළමුව ඊට අදාළ න්‍යායික පසුබිම කාටත් තේරෙන සේ අප මනසේ චිත්‍රණය කිරීමෙන් පසුවයි. ඒ අනුව බැලූ කල මේ පොත අකුරු කියවිය හැකි වැඩිහිටි-තරුණ කාටත් සුදුසු වෙයි.

  • වයස් බේදයකින් තොරව ඕනෑම විවාහක යුවළකට
  • තම රති දිවියේ තෘප්තිය නැංවීමට කැමති යුවළකට
  • විවාහ වීම රති දිවිය ඇරඹීමට සූදානම් වන ඕනෑම ගැහැනියකට හෝ පිරිමියෙකුට
  • නව යොවුන් වියේ දරුවන් සමග කල් ගෙවන දෙමවුපියන්, වැඩිහිටියන් හා ගුරුවරුන්ට
  • වෛද්‍ය විද්‍යාව, මනෝ විද්‍යාව, මනෝ වෛද්‍ය විද්‍යාව, මනෝ ප්‍රතිකාර, උපදේශනය හා රති විද්‍යාව හදාරන ශිෂ්‍යයනට
  • රති/ ලිංගික ගැටළු සහිත අයට උපදෙස්/ ප්‍රතිකාර දෙන වෘත්තිකයනට
  • පහත රති ගැටළු නිසා ළතැවෙන අයට:
    • වැඩි වේලාවක් රති සුව විඳීමට අපහසු පිරිමි අය
    • රති සුවය ඉහළම ආනන්දයට විඳගැනීමට අපහසු ගැහැනු අය
    • අවයව, සිරුරේ පමණ හා හැ‍ඩ රුව ගැන ළතැවෙන ගැහැනු පිරිමි අය
    • මොනයම් හෝ රති/ ලිංගික ගැටළුවකින් පීඩා විඳින අය
Privacy Settings
We use cookies to enhance your experience while using our website. If you are using our Services via a browser you can restrict, block or remove cookies through your web browser settings. We also use content and scripts from third parties that may use tracking technologies. You can selectively provide your consent below to allow such third party embeds. For complete information about the cookies we use, data we collect and how we process them, please check our Privacy Policy
Youtube
Consent to display content from Youtube
Vimeo
Consent to display content from Vimeo
Google Maps
Consent to display content from Google
Spotify
Consent to display content from Spotify
Sound Cloud
Consent to display content from Sound