Author
මහේෂ් රාජසූරිය කුරුණෑගල නගරයේ උපත ලබා ශාන්ත ආනා විද්‍යාලයීය ශිෂ්‍යයයෙකුව සිට 1991දී උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් ශ්‍රී ලංකාවෙන්ම ප්‍රථම ස්ථානය දිනා ගනියි. ඉන් අනතුරුව කොළඹ විශ්ව විද්‍යාලයට ප්‍රවිශ්ඨව 1999 දී වෛද්‍යවරයෙකු ලෙස ගෞරව උපාධි සාමාර්ථව හෙතෙම අනුරාධපුර මහාරෝග්‍යශාලාවෙන් වෛද්‍ය වෘත්තියට අත් පොත් තබයි. කෙටි කලක් තුල එනම් 2005 වර්ෂය වන විට මනෝ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධිය ලබාගෙන වැඩිදුර අධ්‍යාපනයට ඔහු ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයට පිටත්ව යයි.
තමා ජන්ම ලාභය ලැබූ දේශය හැර පියා සිටීමට නොකමැතිව නැවත දිවයිනට ඉමහත් සංතෝශයෙන් ඔහු පය තබන්නේ 2008 වර්ෂයේදී ය. තම මුල්ම වෛද්‍ය විශේෂඥ තනතුරේ වැඩ බාර ගැනීමට ඔහුට සිදු වන්නේ නැගෙනහිර පළාතේ අම්පාර මහාරෝග්‍යශාලාවේ ඓතිහාසික ප්‍රථම මනෝ වෛද්‍ය විශේෂඥතුමා හැටියටයි. දෙවර්ෂයකට මදක් අඩුවෙන් දිගාමඩුළු පුරවරයට අත්‍යන්ත සේවයක් කරන ඔහු ජාතික මෙහෙවරට තම සහභාගය දීමට සිතා 2010දී තමන් ශාස්ත්‍රෝද්ග්‍රහණය කළ කොළඹ විශ්ව විද්‍යාලයටම ජ්‍යේෂඨ කථිකාචාර්යවරයෙකු ලෙස පත් වී එයි.
අද වන විට හෙතෙම කොළඹ වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය අධ්‍යනාංශයේ ජ්‍යේෂඨ කථිකාචාර්ය ධුරයද, එසේම ශ්‍රී ලංකා ජාතික රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ තනතුරද හොබවයි. ඒ අතරම විශ්වවිද්‍යාලයේ සහ ඉන් පිට රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන හා මණ්ඩල රැසක ඔහු සාමාජිකත්වය දරයි. උපාධි සහ පශ්චාත් උපාධි ශිෂ්‍යයන් මෙන්ම වෙනත් ශිෂ්‍යයන් ද ඔහුගේ ගුරු දස්කම්වල පිහාටාධාරය ලබා ඇත.
ශිල්ප ශාස්ත්‍ර ලබාදෙන ආචාර්යවරයෙකු සහ සායනික සේවය ලබා දෙන වෛද්‍යවරයෙකු පමණක් නොව දැයේ දියුණුවට අදාළ පර්යේෂණ ක්ෂේත්‍රයටද ඔහු දායකයෙකු වෙයි. සෞඛ්‍ය ප්‍රවර්ධනාත්මක මානව චර්යා වර්ධනය සහ ලිංගික ප්‍රතිකාර ඇතුළු සෑම ආකාරයේම මනෝ චිකිත්සාව ඔහුගේ අවධානය වැඩියෙන්ම යොමු වන ක්ෂේත්‍ර වෙයි.
තම අදහස් හා දැනුම අන් අය හා බෙදා ගැනීමට ඔහු දේශන, වැඩමුළු, සාකච්ඡා, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රකාශන, අන්තර්ජාලයේ බ්ලොග්කරණය වැනි ක්‍රම රාශියක් යොදා ගනියි. එහෙත් මුද්‍රණ ද්වාරයෙන් එළි දක්නා ඔහුගේ මංගල ප්‍රකාශනය මෙය වෙයි.
© 2022 Mental Health. All Right Reserved. Developed & Designed by exclusivewebarts.com
