Press Release

The Full Version

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය අධ්‍යනාංශයේ ජ්‍යේෂඨ කථිකාචාර්ය, එසේම ශ්‍රී ලංකා ජාතික රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ මහේෂ් රාජසූරිය, ‘රතිය විදු ඇසින්: මානව ලිංගිකත්වයට විද්‍යාත්මක පිවිසුමක්’ නම් තම මංගල ‍පොත සරසවි ප්‍රකාශකයින්ගේ ප්‍රකාශනයක් සේ එළි ‍දැක්වීමට සැරසෙයි.

වෛද්‍ය මහේෂ් රාජසූරිය ශිල්ප ශාස්ත්‍ර ලබාදෙන ආචාර්යවරයෙකු සහ සායනික සේවය ලබා දෙන වෛද්‍යවරයෙකු පමණක් නොව දැයේ දියුණුවට අදාළ පර්යේෂණ ක්ෂේත්‍රයටද දායකයෙකු වෙයි. තම අදහස් හා දැනුම අන් අය හා බෙදා ගැනීමට ඔහු දේශන, වැඩමුළු, සාකච්ඡා, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රකාශන, අන්තර්ජාලයේ බ්ලොග්කරණය වැනි ක්‍රම රාශියක් යොදා ගනියි. එහෙත් මුද්‍රණ ද්වාරයෙන් එළි දක්නා ඔහුගේ මංගල ප්‍රකාශනය මෙය වෙයි.

ලිංගිකත්වයට ‍ආවේණිකවූ ගුප්ත අඳුරට මිණි පහනක් වෙමින් අපගේ රති දිවියේ තෘප්තිය වැඩි කරගන්නා සැටි ඉතා ප්‍රායෝගිකව සරළව රූප රාශියක් මගින් මෙතෙක් සිංහළ පොතකින් නොවූ පරිදි මෙ‍ම පොත අපට පහදා දෙයි. වෛද්‍ය මහේෂ් රාජසූරිය තම පොත තුලින් රතිය, ලිංගික ගැටළු, කන්‍යාභාවය, වැඩි විය පැමිණීම, රති රෝග හා ප්‍රතිකාර වැනි විවිධ කරුණු රාශියක් බුහුටි ලෙස ආමන්ත්‍රණය කරන්නේ පළමුව ඊට අදාළ න්‍යායික පසුබිම කාටත් තේරෙන සේ අප මනසේ චිත්‍රණය කිරීමෙන් පසුවයි. ඒ අනුව බැලූ කල මේ පොත අකුරු කියවිය හැකි වැඩිහිටි-තරුණ කාටත් සුදුසු වෙයි.

කෙසේ වෙතත් මෙම පොත පහත අයට විශේෂයෙන්ම නිර්දේශ කරනු ලැබේ.

  • වයස් බේදයකින් තොරව ඕනෑම විවාහක යුවළකට
  • තම රති දිවියේ තෘප්තිය නැංවීමට කැමති යුවළකට
  • විවාහ වීම රති දිවිය ඇරඹීමට සූදානම් වන ඕනෑම ගැහැනියකට හෝ පිරිමියෙකුට
  • නව යොවුන් වියේ දරුවන් සමග කල් ගෙවන දෙමවුපියන්, වැඩිහිටියන් හා ගුරුවරුන්ට
  • වෛද්‍ය විද්‍යාව, මනෝ විද්‍යාව, මනෝ වෛද්‍ය විද්‍යාව, මනෝ ප්‍රතිකාර, උපදේශනය හා රති විද්‍යාව හදාරන ශිෂ්‍යයනට
  • රති/ ලිංගික ගැටළු සහිත අයට උපදෙස්/ ප්‍රතිකාර දෙන වෘත්තිකයනට
  • ඕනෑම රති ගැටළුවක් නිසා ළතැවෙන අයට

‘රතිය විදු ඇසින්: මානව ලිංගිකත්වයට විද්‍යාත්මක පිවිසුමක්’ නිළ ව‍ශයෙන් 2012 සැප්තැම්බර් මස 23 වැනි ඉරිදා, කොළඹ 07, BMICH පරිශ්‍රයේ පිහිටි BCIS ශ්‍රවණාගාරයේදී සවස 4:00ට පැවැත්වෙන චාම් කෙටි උත්සවයේදී දොරට වැඩුමට කටයුතු යොදා ඇත. මෙ‍ම කාලයට සමගාමීව පැවැත්වෙන අන්තර්ජාතික පොත් සල්පිලේ සරසවි ප්‍රකාශකයින්ගේ කුටියේදී ඔබට මේ පොත මහේෂ් රාජසූරියගේ අත්සන සහිතව විශේෂ වට්ටමක් සහිතව මිළදී ගැනීමටත් පොත ගැන කතුවරයා සමග කෙටි කතා බහක යෙදීමටත් අවස්ථාව ලැබෙනු ඇත.

‘Rathiya Vidu Asin: Manava Lingikathvayata Vidyathmaka Pivisumak’(Human Sexuality: A Scientific Approach), a Sarasavi publication, is the title of the debut book penned by Dr. Mahesh Rajasuriya, Senior Lecturer, Department of Psychological Medicine, Faculty of Medicine, University of Colombo and Consultant Psychiatrist, National Hospital of Sri Lanka.

He is not only a teacher and a doctor, but a researcher, too. Dr. Mahesh Rajasuriya makes use of many media, including lectures, workshops, discussions, electronic/ print media, and internet and blogging, to exchange his ideas with others. However this is his very first print publication.

This book, written in graceful Sinhala, illustrates how to augment the sexual satisfaction in our lives in a very practical and a simple way, with an array of useful diagrams explaining the underlying theories. It addresses uncomfortable topics such as sexuality, problems in sex life, virginity, puberty, sexual disorders and sex therapy in a very comfortable way. Therefore this book is recommended for all literate young and old adults.

This book is specifically recommended for:

  • Married couples irrespective of their age
  • All couples interested in improving sexual satisfaction in their lives
  • Any man or woman getting ready to initiate their sexual life
  • Parents, adults, teachers having to care for adolescent children
  • Students of medicine, psychology, psychiatry, psychotherapy, counselling and sexology
  • Therapists involved in delivering services for clients with sexual problems
  • Anybody with a sexual problem

‘Rathiya Vidu Asin’(Human Sexuality: A Scientific Approach) will be officially launched on Sunday, 23rd September 2012 at 4:00 PM at BCIS Auditorium, BMICH, Colombo 07. The book can be purchased at a special discount during the International Book Fair at the Sarasavi Publisher’s booth. You will get an opportunity to get the book autographed by the author and also to have a brief discussion with him.

The Brief Version

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය අධ්‍යනාංශයේ ජ්‍යේෂඨ කථිකාචාර්ය, එසේම ශ්‍රී ලංකා ජාතික රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ මහේෂ් රාජසූරිය, ‘රතිය විදු ඇසින්: මානව ලිංගිකත්වයට විද්‍යාත්මක පිවිසුමක්’ නම් තම මංගල ‍පොත සරසවි ප්‍රකාශකයින්ගේ ප්‍රකාශනයක් සේ එළි ‍දැක්වීමට සැරසෙයි.

ලිංගිකත්වයට ‍ආවේණිකවූ ගුප්ත අඳුරට මිණි පහනක් වෙමින් අපගේ රති දිවියේ තෘප්තිය වැඩි කරගන්නා සැටි ඉතා ප්‍රායෝගිකව සරළව රූප රාශියක් මගින් මෙතෙක් සිංහළ පොතකින් නොවූ පරිදි මෙ‍ම පොත අපට පහදා දෙයි. වෛද්‍ය මහේෂ් රාජසූරිය තම පොත තුලින් රතිය, ලිංගික ගැටළු, කන්‍යාභාවය, වැඩි විය පැමිණීම, රති රෝග හා ප්‍රතිකාර වැනි විවිධ කරුණු රාශියක් බුහුටි ලෙස ආමන්ත්‍රණය කරන්නේ පළමුව ඊට අදාළ න්‍යායික පසුබිම කාටත් තේරෙන සේ අප මනසේ චිත්‍රණය කිරීමෙන් පසුවයි. ඒ අනුව බැලූ කල මේ පොත අකුරු කියවිය හැකි වැඩිහිටි-තරුණ කාටත් සුදුසු වෙයි.

‘රතිය විදු ඇසින්: මානව ලිංගිකත්වයට විද්‍යාත්මක පිවිසුමක්’ නිළ ව‍ශයෙන් 2012 සැප්තැම්බර් මස 23 වැනි ඉරිදා, කොළඹ 07, BMICH පරිශ්‍රයේ පිහිටි BCIS ශ්‍රවණාගාරයේදී සවස 4:00ට පැවැත්වෙන චාම් කෙටි උත්සවයේදී දොරට වැඩුමට කටයුතු යොදා ඇත. මෙ‍ම කාලයට සමගාමීව පැවැත්වෙන අන්තර්ජාතික පොත් සල්පිලේ සරසවි ප්‍රකාශකයින්ගේ කුටියේදී ඔබට මේ පොත මහේෂ් රාජසූරියගේ අත්සන සහිතව විශේෂ වට්ටමක් සහිතව මිළදී ගැනීමටත් පොත ගැන කතුවරයා සමග කෙටි කතා බහක යෙදීමටත් අවස්ථාව ලැබෙනු ඇත.

‘Rathiya Vidu Asin: Manava Lingikathvayata Vidyathmaka Pivisumak’(Human Sexuality: A Scientific Approach), a Sarasavi publication, is the title of the debut book penned by Dr. Mahesh Rajasuriya, Senior Lecturer, Department of Psychological Medicine, Faculty of Medicine, University of Colombo and Consultant Psychiatrist, National Hospital of Sri Lanka.

This book, written in graceful Sinhala, illustrates how to augment the sexual satisfaction in our lives in a very practical and a simple way, with an array of useful diagrams explaining the underlying theories. It addresses uncomfortable topics such as sexuality, problems in sex life, virginity, puberty, sexual disorders and sex therapy in a very comfortable way. Therefore this book is recommended for all literate young and old adults.

‘Rathiya Vidu Asin’(Human Sexuality: A Scientific Approach) will be officially launched on Sunday, 23rd September 2012 at 4:00 PM at BCIS Auditorium, BMICH, Colombo 07. The book can be purchased at a special discount during the International Book Fair at the Sarasavi Publisher’s booth. You will get an opportunity to get the book autographed by the author and also to have a brief discussion with him.

Privacy Settings
We use cookies to enhance your experience while using our website. If you are using our Services via a browser you can restrict, block or remove cookies through your web browser settings. We also use content and scripts from third parties that may use tracking technologies. You can selectively provide your consent below to allow such third party embeds. For complete information about the cookies we use, data we collect and how we process them, please check our Privacy Policy
Youtube
Consent to display content from Youtube
Vimeo
Consent to display content from Vimeo
Google Maps
Consent to display content from Google
Spotify
Consent to display content from Spotify
Sound Cloud
Consent to display content from Sound